Draft:Gamini Central College Bentota (National School)
Submission declined on 3 April 2025 by QEnigma (talk). This submission is not adequately supported by reliable sources. Reliable sources are required so that information can be verified. If you need help with referencing, please see Referencing for beginners and Citing sources. The submission appears to be written in Sinhala. This is the English language Wikipedia; we can only accept articles written in the English language. Please provide a high-quality English language translation of your submission. Otherwise, you may write it in the Sinhala Wikipedia.
Where to get help
How to improve a draft
You can also browse Wikipedia:Featured articles and Wikipedia:Good articles to find examples of Wikipedia's best writing on topics similar to your proposed article. Improving your odds of a speedy review To improve your odds of a faster review, tag your draft with relevant WikiProject tags using the button below. This will let reviewers know a new draft has been submitted in their area of interest. For instance, if you wrote about a female astronomer, you would want to add the Biography, Astronomy, and Women scientists tags. Editor resources
| ![]() |
Comment: The article is not in English. No sources have been provided. QEnigma talk 08:54, 3 April 2025 (UTC)
ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) බෙන්තොට
[edit]ගාමිණි පුරාණයෙන් බිඳක්…
[edit]"අත්ත දීපා විහරථ"
[edit]ඉපැරණි රජ මහා වෙහෙර පහකින් සඳහම් සුවඳ විහිදුනු වියත්පඩිවරුන්ගෙන් සුපතල වූ ඓතිහාසික පින් කෙතෙකි සුන්දර බෙන්තර එකල ගිරා පරිවි තිසර සදෙස කරුවන් බෙන්තොට දුටුවේ තක්සලාවක් ලෙසය බෙන්තොටින් බිහි වූ ශ්‍රේෂ්ඨ කලාකරුවෝ ලේඛකයෝ කවියො සිය නිජබිම සුවඳවත් කළහ ඒ ඉපැරණි කිතුගොස රැකගන්නට ගුණ නැණ බෙලෙන් යුත් නව පරපුරක් බිහිකර දීමට "ගැමුණු විදුහල" පිහිටුවන්නට පුරෝගාමී වූ පරහිතකාමී සැමට ජාතියේ උපහාරය හිමිවිය යුතුය යුගයේ අවශ්‍යතාවය අනුව ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගැනීම සඳහා සුදුසු පාසලක් නිර්මාණය කිරීමට එවකට බෙන්තර වළල්ලාවිට කෝරළයේ කරවන නිලධාරියා වූ ඩබ්ලිව්.ඒ ගුණතිලක මුදලිතුමා ප්‍රදේශයේ වියතුන් රැසක් සමග දින ගණනාවක් කළ සාකච්ඡාවක සාර්ථක ප්‍රතිඵලයකි බෙන්තොට ගාමිණී කොලිජිය බිහිවීම . බෙන්තොට "මහ ස්කෝලය" යන අන්වර්ථ නාමයෙන් එදා නම් ලද එකම පිරිමි පාසලේ මුල් ගුරුවරයාව සිටි පසු කලෙක මුහුන්දිරම් රාළහාමි යන සම්මානනීය නාමයකින් පුද ලද අභාවප්‍රාප්ත ඩී.ජේ පොන්නම්පෙරුම මැතිතුමා මුදලිදුගේ ප්‍රධාන ලිපිකරුව නැසී ගිය කේ.පී.පී.ද සිල්වා මැතිතුමා සහ එවකට අදාළ ප්‍රදේශයේ පාඨමාලා පරීක්ෂව සිටි නැසී ගිය බී. මොහොට්ටි මැතිතුමා මේ සත්කාරයට අනුග්‍රහය දැක්වූ ප්‍රභූවරු වූහ පාසල ආරම්භ කිරීම සඳහා සුදුසු ගොඩනැගිල්ලක් නොවූයෙන් දැනට (ඇල්පිටිය පාරය නුදුරුව) පවතින තරුණ බෞද්ධ සමිති ශාලාවේ මෙය ආරම්භ වූයේ 1938 ජනවාරි 16 වෙන දින දීය.

ආරම්භක විදුහල්පති ලෙස එවන්ස් එදිරිවීර මහතා වැඩ භාරගත් අතර තිදෙනකුගෙන් යුත් ගුරු මණ්ඩලයක්ද පත්කර ගන්නා ලදී. ඩබ්ලිව් .ඒ. සිල්වා මෙනවිය (පසුව ඩබ්ලිව්.ඒ ආරියරත්න මිය ) එම්.එච් මෙන්ඩිස් මෙනවිය සහ ජයතිස්ස පතිරණ මහතා එම ආරම්භක ගුරු මණ්ඩලයට අයත් වූහ. සිසුන් 38 දෙනෙකුගෙන් ඇරඹී මෙම විදුහල කෙටි කලකින් දැන් පවතින ස්ථානයේම ස්ථාපිත කරන ලද්දේ ප්‍රදේශයේ පිනට පහල වූ කීර්තිමත් විදුහල්පතිවරයෙකු වූ ජුලියන් පූජිත ( J.P) ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
සිරිලක පුරා ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයකින් ඇළලි ගිය සමයක පරම වි නර්ථ බෞද්ධ සංගමයට අනුබද්ධිත පාසලක් වශයෙන් ගාමිණි විද්‍යාලය පිහිටුවීමේ දී මහාචාර්ය ජී.පී මලල සේකර සහ ආචාර්ය පී.ද. එස් කුලරත්න යන ශ්‍රේෂ්ඨ වියතුන්ද ආරාධිත විශේෂ අමුත්තන් ලෙස සහභාගී වූහ. දැවැන්ත විසිතුරු කස ගස් පේලියකින් සෙවන දුන් පැරණි රැස්වීම් ශාලා ගොඩනැගිල්ල සහ අඩි 30 පමණ දිස්වූ අතු සෙවිලි කළ ශාලාවක් පමණක් එකල පන්තිකාමය ලෙස භාවිතා වූ බව පැරැණි ආදී සිසුන්ට තවමත් මතක ඇත. විදුහල්පති කාර්යාලය වූයේ අදටත් එහි ඇති කුඩා කාමරයයි.
විදුහල්පති ජේ.පී ගුණවර්ධන ශූරීන් භාරත දේශයේදි ලත් අත්දැකීම් සමුදායක් ඇතිව ලක්බිමට පැමිණ ගුණවර්ධන මැතිතුමා ගාන්ධිතුමා හා ශ්‍රිනේරු වැනි භාරත නායකයන්ගේ අනුග්‍රාමිකයකු මෙන්ම ප්‍රතිපත්ති අකුරටම රකින බෞද්ධයකුද විය.
බෙන්තර ප්‍රදේශයේ නැණවත් උගතුන් ඇසුර ලද එතුමා ගාමිණි විදුහල තුලින් ගුණ නැණ බෙලෙන් යුත් දරුපරපුරක් බිහි කිරීමට උත්සුක විය. වියතුන් සභා මැද නොසෙල් වී සිටින්නට දරුවන් තැනු එතුමා ඉංග්‍රිසි හා සාහිත්‍යයට ද සෞන්දර්ය විෂයට ද ක්‍රීඩා කෞශල්‍යයට මෙන්ම කෘෂිකර්මයට ද සිසුන් එකසේ උනන්දු කරවීය 1947 ජූලි මස 1 දින ගාමිණි විදුහල රජයට පවරා ගන්නා ලදී. පැරණි දෙමහල් ගොඩනැගිල්ල හා පැරණි රසායනාගාරයද එතුමාගේ කාලයේ ඉදිවිය විදුහල ඉදිරිපිට රෝපනය කරන ලද විවිධ වාර්ගික මල්ගොමු වලින් වටවුණු මනස්කාන්ත වටපිටාව විදුහල් බිමට ප්‍රවේශ වන සැමට නෙත්සිත් පිනවන රසාංජනයක් බදුවිය පසළොස්වක පොහොය දිනවල වල ශීල භාවනා වැඩ සටහන් පැවැත් වු එතුමා අධ්‍යාත්මික සංවර්ධනයෙන් යුත් දරු පරපුරක් රටට දායාද දැයට දයාද කළේය. පහළොස් වසරක අති උදාර සේවයකින් පසු 1954 මැයි 01 වන දින කො|හුණුමුල්ල මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වැඩ භාරගත්තේය. එච්. වී ගුණපාල මහතා මීලඟ විදුහල්පතිවරයා ලෙස කෝ /ආනන්ද මහා විද්‍යාලයේ සිට මෙහි පැමිණි වැඩ භාරගත්තේය .
අතීත ශ්‍රී විභූතිය රැක ගැනීමට මහත් පරිශ්‍රමයෙන් කටයුතු කළේය ඉන් අනතුරුව විදුහල්පති තනතුරට පත් වන්නේ එල් . ආරියවංශ මහතා යි. හෙතෙම ලෝකගුරු සංගමයේ සභාපතිවරයා මෙන්ම වාමාංශික වෘත්තීය සමිති නායකයෙක් ද වේ. ජනප්‍රිය ගුරුවරයෙක් වූ එතුමා විද්‍යාලයේ අධ්‍යාපන තත්ත්වය නගා සිටුවීමට මහත් උනන්දුවෙන් ක්‍රියා කළේය .
ඉන් අනතුරුව කෙටි කාලසීමාවක් සඳහා ඩී. පී පෙරේරා, ඩී. ඒ පෙරේරා යන විදුහල්පතිවරු පත්වූහ. ජේ.පී ගුණවර්ධන විදුහල්පතිතුමාගේ සේවයේ හැදී වැඩී පන්නරය ලද කේ.ඩී.සී කුමාරසිංහ මහතා විදුහල්පතිවරයා ලෙස පත්ව පැමිණියේ 1959 වර්ෂයේදීය සිය ගුරු දෙවයාණන්ගේ අඩි පාරේ යමින් අධ්‍යාපනය මෙන්ම උසස් විනයක් ගොඩනැංවීමට පියවර ගත්තේය. ඊට අමතරව ඒ.ජී ආරියරත්න මහතාගේ මග පෙන්වීම යටතේ ඉතා ප්‍රබල ආදිශිෂ්‍ය සංගමයක් ගොඩනැංවීය.
1961- 1970 දශකය තුළ ගාමිණි විද්‍යාලය තුළ යළි ස්වාර්ණාමය අවධියක් නිර්මාණය වූයේ විදුහල්පති කේ. කණහැරආරච්චි මහතාගේ යුගයේදීය. ඇලකාක බුදු මැදුර, කොන්ක්‍රීට් පාලම, ඇලෙන් එගොඩ වේදිකා සහිත ගොඩනැගිල්ල , උසස් පෙළ රසායනාගාර පිටියේ කෙළවර ඇති ගොඩනැගිල්ල දන්ත චිකිත්සාගාරය ආදී වූ භෞතික සම්පත් සංවර්ධනයේ ඉහළම ප්‍රතිඵල අත්කර දීමට සමත් විය. මේ සඳහා දේශපාලන අනුග්‍රහය මෙන්ම ජනතා අනුග්‍රහයද ලබා ගැනීමට එතුමාට හැකි විය. කණහැරආරච්චි මැතිතුමාගේ පාලන අවධිය අධ්‍යාපනික මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් ද ඉහළ මංපෙත් සලකුණු කල යුගයකි. ගාලු දිස්ත්‍රික්කයේ සහය කොමසාරිස් පදවියෙන් පිදුම් ලද ඒ. පී ආරියරත්න මහතා විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායමත් එවකට ඉතාම ප්‍රසිද්ධියට පත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම මේජර් ඩැනිස්ටර් සිල්වා මහතාත් බාරව කටයුතු කළේය.
1964 වර්ෂයේදී බාලදක්ෂ කණ්ඩායම් පනස් හතරක සහභාගීත්වයෙන් යුත් දිස්ත්‍රික් බාල දක්ෂ රැළිය අති උත්කර්ෂවත් අයුරින් දින 03ක් පවත්වන ලදී. එහි නායකත්වය දරන ලද්දේ ආරියරත්න මහතා විසිනි.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය ලබා අංගාගොඩ බාලිකා පාසල ගාමිණී විද්‍යාලයේ ප්‍රාථමික අංශය ලෙස ආරම්භ කරන ලද්දේ විදුහල්පතිවරයා සිටි ආරියරත්න මහතාගේ කාලවකවානුවේදීය.
ඉන් අනතුරුව එල්.සී ජයසේකර පද්මසිරි කළුතරගේ යන මහත්වරුද මෙම විද්‍යාලයට අගනා සේවයක් කළහ. පුංචි හේවා මහතාද විදුහල්පති ධුරය දැරුවේය.
මෑතකදී විදුහලට කීර්තිමත් කාල පරිච්ඡේදයක් උදා කළේ පියදාස රංචාගොඩ මහතා ය 1995 සැප්තැම්බර් මාසයේදී විදුහල්පති ධූරයේ වැඩ භාරගත් එතුමා අභනව පාසලේ ගීතය ගොඩනැගුවේ අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා කටයුතුවලින් ද ඉමහත් කීර්තියක් පාසලට ලබා දුන් අතර 2002 වර්ෂයේදී 15 පහළ ක්‍රිකට් කණ්ඩායමට සමස්ථ ලංකා ශූරතාවය හිමි විය. අභිනවයෙන් විවෘත කරනු ලබන පුස්තකාලය සහිත දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබන ලද්දේ එතුමාගේ බලවත් උද්යෝගය තුලින්ය. එසේම ඉතාම ප්‍රබල ආදි ශිෂ්‍ය සංගමයක් ගොඩනැංවීමට රංචා ගොඩ මහතාට හැකි විය ගාමිණීම මධ්‍යමහා විද්‍යාලය පාසලක් බවට පත් කර ගැනීමේ සිහිනයද සැබෑ කර ගැනීමට හැකි වූ අතර පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාවද ඉතා ඉහළ තත්ත්වයකට නැංවිය. බාධක කම්කටොලු සියල්ල උපේක්ෂාවෙන් විද දරා ගනිමින් අභීත සේවාවක යෙදුණු පියදාස රංචා ගොඩ මැතිතුමා 2003 නොවැම්බර් 08 වන දින විශ්‍රාම දිවියට ඇතුළු වීය.
ඉන් අනතුරුව වැඩ බලන විදුහල්පතිතුමිය වශයෙන් මල්ලිකා නානායක්කාර මැතිණිය පුරා වර්ෂයක් පමණ සේවය කළාය මීළඟට එළඹෙන්නේ ඩබ්.බී නිමල්සිරි විදුහල්පතිතුමාගේ යුගයයි එතුමා 2004-10-08 වන දින මෙහි සේවයන්ට පැමිණියේය. පාසලේ භෞතික සම්පත් සංවර්ධනය ඉතිහාසයේ අද්විතීය තලයකට පත්කර ගැනීමට සමත් වී ඇත. අපගේ සදාදරණීය විද්‍යාලයීය මාතාව සදාකල් දිනේවා !
References
[edit]